NEWS

සහරාන්ගේ පලමු ඉලක්කය වී ඇත්තේ දළඳා පෙරහැර බව හෙළිවේ

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වේ.

වනාතවිල්ලුවේ ආයුධ ගබඩාවක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීම හේතුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය ඉක්මන් වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි. සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසුව හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය 2019 ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුවේදී සොයාගත් විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය යැයිද ඊට සහරාන් සම්බන්ධ බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සහරාන් හා සෙසු සාමාජිකයන්ගේ නම් සහ සිදුවිය හැකි ප්‍රහාරක තොරතුරු ඇතුළත් ක්‍රියාත්මක විය හැකි මට්ටමේ බුද්ධි තොරතුරක් ඉන්දීය බලධාරීන් විසින් 2019 අප්‍රේල් 4 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට දෙනලද නමුත් ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන අය ඒ අනුව ක්‍රියාත්මක වීමට අපොහොසත් වී ඇතැයි කොමිසම පෙන්වා දී ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 4 වැනිදා ලබාදුන් බුද්ධි තොරතුරුවලට වඩා නිවැරැදි බුද්ධි තොරතුරු, ප්‍රහාරයට කලින්දා එනම් 2019 අප්‍රේල් මස 20 වැනිදා සවස බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබී තිබේ.

සහරාන් සහ මරාගෙන මැරෙන තවත් බෝම්බකරුවන් 7 දෙනකු 2019 අප්‍රේල් 20 වැනිදා ‘‘ස්පාත් ටවර්’’ ආරක්ෂිත නිවාසයේදී ප්‍රහාරය සාධාරණීකරණයට හේතු දක්වමින් ‘‘බයියාත්’’ දිවුරුම දී ඇති බවද එහි දැක්වේ.

Leave a Reply

Your email address will not be published.