ඉන්දියානු අහස මඟ හරිමින් ඉම්රාන් රැගත් යානය යානය පාකිස්තානය බලා පිටව යයි

•ටී.කේ.ජී.කපිල – කටුනායක
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමාවට පත් කරමින් ඊයේ (24 වැනිදා) සවස කටුනායක ගුවන් තොටුපළෙන් පාකිස්තානය බලා පිටත්ව ගියේය.
මෙසේ පිටත්ව ගියේ ඔවුන් පැමිණි පාකිස්තාන ගුවන් හමුදාවට අයත් PAK 2නමැති ගල්ෆ් ස්ට්‍රීම් ජී 450 (Gulfstream G 450) දරන ගුවන් යානයෙනි.
පාකිස්තාන අගමැති රැගත් ගුවන් යානයට ඉන්දීය භූමිය මතින් වැටී ඇති ගුවන් මාර්ගය භාවිත කිරීමට ඉන්දීය රජය අවසර දෙන බව ප්‍රකාශයට පත් කර තිබුණද මෙම පාකිස්තාන හමුදා ගුවන් යානය එම ගුවන් ගමන් මාර්ගය භාවිත නොකර අරාබි මුහුද ඔස්සේ ගමන් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළෙන් මුහුදු මාර්ගය ඔස්සේ අරාබි මුහුද වෙත පිවිස පාකිස්තානය වෙත ඇතුළු වීමට කටයුතු කර තිබිණි.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වීමත් සමග මුහුදු මට්ටමේ සිට අඩි 40,000 ඉහළ අහසට නංවමින් පැයට නොට්ස් 470ක වේගයෙන් ගමන් කිරීමට පියවර ගෙන තිබිණි.
ශ්‍රී ලංකාවට පැමිණිමේදී ද මෙම ගුවන් යානය ඉන්දීය ගොඩබිම වෙත ඇතුළු නොවී අරාබි මුහුද ඔස්සේ පැමිණීමට පියවර ගත්තේය.