NEWS

ලංකා සීනී සමාගම මිලියන 1300 ක ලාභයක් ලබයි

පසුගිය සමයේ පාඩු ලැබූ ලංකා සීනි සමාගම  පසුගිය කාලයේදී ලාභ ලබා තිබෙනවා.

එහි සභාපති ජනක නිමලචන්ද්‍රගේ නායකත්වය යටතේ  ලංකා සීනි සමාගම මේ වන විට රටේ වැඩිම ලාභ ලබන ආයතනයක් බවට වසරක් තුල සාර්ථකත්වයට පත් වී ඇත.

තවද වසර 5 ක සේවා කාලය සම්පූර්න කල සියලු අනියම් සහ කොන්ත්‍රාත් සේවකයින් 2000කට වැඩි ප්‍රමානයකට ස්තීර පත්වීම් ලබා දී සියලු සේවකයින්ට ලැබීමට තිබූ සියලු උසස්වීම්ද ලබා දීමට සීනි සමාගම සමත් වී තිබේ.

අප්‍රේල් මාසයේදී මෙහි සේවය කල සියලු සේවකයින් හට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දී තිබෙන අතර වසර ගනනක් තුල නොගෙවූ සේවක ජීවන වියදම් දීමනාවද සේවකයින්ගේ මූලික වැටුපට එකතු කර ඇත.

මේ තුලින් යැපෙන ගොවීන්ට සුභ කලක් උදා කර දෙමින් ගොවීන්ගෙන් ලබා ගන්නා උක් මෙ.ටො එකක් සදහා ගැනුම් මිල 10%කින් ඉහල නංවා ඇති අතර ගොවීන් හටද ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ලබා දීමටද ලංකා සීනි සමාගමට හැකිවිය.

Leave a Reply

Your email address will not be published.