GOSSIP
හත් හැවිරිදි යාලුවා ළිඳට වැටුනු පසු කාටත් නොකියා වයස දහයේ යාලුවා පන්ති ගිහින්..

හත් හැවිරිදි පාසල් සිසුවෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී එම දරුවා ළිඳකට වැටුනු පසුව ඒ ගැන කිසිවෙකුටත් නොකියා ටියුෂන් පන්ති ගිය දරුවෙකු පිළිබඳව වාර්තා වෙනවා.
ඒ ඕමන්තේ ප්රදේශයෙන්.
මෙලෙස ළිඳට වැටී ඇත්තේ පවනේපුවරන් අභිශේක් නැමති හත් හැවිරිදි සිසුවෙක්.
වාර්තා වන ආකාරයට එම දරුවා සහ දස හැවිරිදි අනෙක් දරුවා අමතර පන්ති යෑමට පෙර ඔවුන්ගේ නිවසේ වත්තේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.
ඒ අතරතුර හත් හැවිරිදි දරුවා මිතුරාගේ ගෙවත්තේ තිබූ ළිඳට වැටී තිබෙනවා.මේ බව කිසිවෙකුටත් නොදන්වා ඇති දස හැවිරිදි මිතුරා අමතර පන්තියට සහභාගී වී පසුදා පාසලටද ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීමෙන් බියට පත්වූ නිසා තමා කිසිවෙකුටත් මේ බව නොපැවසූ බවයි එම සිසුවා කියා ඇත්තේ.