NEWS

මමයි ඔයාගේ ආරක්ෂාව අයින් කලේ.ඔයාට තර්ජනයක් තියෙනවනම් ඉන්න ඕන ගෙදර මිසක් මහ පාරේ උද්ඝෝෂණ කරන තැන්වල නෙවෙයි – සුමන්තිරන්ට ඇමතිගෙන් පිළිතුරු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පොලිස් විශේෂ ආරක්ෂක බලකා ආරක්ෂාව ඉවත් කලේ ඔහු අධිකරණයේ සහ පොලිසියේ උපදෙස් නොතකා යාපනයේ උද්ඝෝෂණයකට සහභාගී වූ නිසා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

යම් පුද්ගලයෙකු අධිකරණයේ සහ පොලිසියේ උපදෙස් නොතකා යම් යම් උද්ඝෝෂණවලට සහභාගී වන්නේ නම් එවන් අයට ආරක්ෂාව දීම විහිලු සහගත ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සුමන්තිරන් මහතාට තර්ජනයක් තිබෙනවානම් ඔහු සිටිය යුත්තේ නිවසට වී විනා මහ පාරේ නොවන බවයි වීරසේකර මහතා කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.