NEWS
රටපුරා පොලිස් ස්ථාන 35 ක එකම වාහනයක්වත් නැහැ

එකඳු වාහනයක් හෝ නොමැති පොලිස් ස්ථාන 35ක් රටපුරා පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
මේවා සියල්ලම පසුගිය යහපාලන සමයේදී කිසිම ඉවක් බවක් නොමැතිව ආරම්භ කල ඒවා බවයි ඔහු කියා සිටින්නේ.
මෙවැනි ස්ථාන හඳුනාගෙන අවශ්‍ය වුවහොත් එම පොලිස් ස්ථාන වසා දමා එහි නිලධාරීන් වෙනත් ස්ථානයන්හි රාජකාරි සඳහා අනුයුක්ත කිරිමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.