NEWS

පුංචි ලෝකාන්තයේදී අතුරුදන් වූ තරුණයා සොයා පරීක්ෂණ..පාන්දර එක හමාරට විතර සීතල නිසා වාහනයට යන්නම් කියා ඇවිල්ලා

ඊයේ රාත්‍රියේදී පුංචි ලෝකාන්තය ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණයා සොයා පරීක්ෂණ කටයුතු තව දුරටත් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වනවා.

දොලොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ දිනයේදී (06) මඩොල්සිම ප්‍රදේශයට අයත් මෙම පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.අඩි 200 කට වඩා ගැඹුරු ප්‍රපාතයක් වන මෙම ප්‍රදේශයේ දැඩි මීදුමක්ද පැවත තිබෙනවා.

එම පිරිසෙන් එක් තරුණයෙකු පාන්දර 1.30 ට පමණ කූඩාරමේ සිට වාහනයට නිදා ගැනීම සඳහා පැමිණ ඇති අතර අනෙක් පිරිස ටික වෙලාවකට පසුව එහි පැමිණ සොයා බලන විට ඔහු දකින්නට නොසිටි බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඉන් පසුව මෙම අතුරුදන් වීම පොලිසියට දැනුම් දී තිබෙනවා.

බිබිල සහ බදුල්ල පොලිසිය මෙන්ම යුධ හමුදාවද එක් වී මේ වන විටත් සොයාගැනීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published.