NEWS

සෞඛ්‍ය ආරක්ෂිතව සංගීත ප්‍රසංග පවත්වන්න අවසර දෙන්නැයි කලාකරුවෝ රජයෙන් ඉල්ලති

නව සාමාන්‍යකරණය යටතේ එළිමහන් ප්‍රසංග පැවැත්වීමටද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර ලබාදෙන ලෙස කලාකරුවන් සහ ප්‍රසංග සංවිධායකයන් ඉල්ලීමක් කරනවා.

ප්‍රසංග සම්බන්ධීකාරක, කලා හා සංස්කෘතික කටයුතු සංගමයේ ලේකම් තිස්ස ලියනගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ, රටේ සෑම අංශයක්ම විවෘතව පවතින තත්වයක් තුළ ප්‍රසංග වේදිකාවට පමණක් වාරණයක් පනවා ඇති බවයි.

ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතාද කොරෝනා වසංගත තත්වයත් සමඟ කලාකරුවන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

මේ අතර සංගීත කණ්ඩායම් 120 කගෙන් සමන්විත සංගීත කණ්ඩායම් සංසදයේ සභාපති නීල් වර්ණකුලසූරිය මහතා ඉල්ලා සිටියේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසයි.

එමෙන්ම, මෙම කර්මාන්තයෙන් යැපෙන කලාකරුවන් ඇතුළු පාර්ශවවල ජීවන තත්ත්වය පවත්වාගෙන යාම සඳහා රජය යම් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව ගායක ගායිකා සංසදයේ සභාපති ගායන ශිල්පී විශාරද ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.