NEWS
මිනුවන්ගොඩ මඟුල් ගෙදරක මනාලයා ඇතුලු 62 කට කොරෝනා

මිනුවන්ගොඩ දඬුගම්පොළ අඹන්පොළ විවාහ උත්සවයකට සහභාගි වූ හැට දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත.
ආසාදිතවූවන් අතර මනාල මහතාද සිටින අතර මනමාලියට වයිරසය ආසාදනය වී නැත.
විවාහ උත්සවයට සහභාගි වූ තුන්සියක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මනමාලියගේ පාර්ශ්වයෙන් විවාහ උළෙලට සහභාගි වූ අයගේ පී.සී.ආර්. ප්‍රතිඵල අද (03 වැනිදා) ලැබීමට නියමිතය. විවාහ උත්සවය පසුගිය 21 වැනිදා පවත්වා තිබේ.