NEWSWORLD

මියන්මාරයේ හමුදා පාලනය ඇරඹේ

මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා ඇතුළු එරට රාජ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එරට යුද හමුදාව විසින් එම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට පෙර 2011 වර්ෂයේදී ද මියන්මාරය තුළ හමුදා පාලනයක් පැවතුණි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව පළමු වරට අද එරට පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබියදී අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *