NEWS

ජනතාවට ඉඩම් දෙන්න ඔප්පු 17,000 කට ජනපති අත්සන් තබයි

ජනතාව වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දාහත්දාහකට තම අත්සන තැබූ බව ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

මොනරාගල දිස්ත්‍රික්කයෙහි තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි හම්බෙගමුව මහ අලුත්වැව ප්‍රදේශයෙහි පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේදී, වසර ගණනාවක සිට පදිංචිව සිටින තම ඉඩම්වලට ඔප්පු නොමැති බව ජනතාව කරුණු ඉදිරිපත් කළ අවස්ථාවෙහි ජනාධිපතිවරයා මේ බව කීවේය.

ඉඩම් සම්බන්ධයෙන් ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් දැනට පදිංචි සැම ඉඩමකටම ඔප්පුවක් ලබා දීමට පියවර ගන්නා බවත් පැවැසූ ජනාධිපතිවරයා ඔප්පු ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ ඔප්පු නොමැති පිරිස් වෙත ඔප්පු ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව පැවැසීය. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ඔප්පු දහත් දාහකට පසුගිය සතියෙහි අත්සන් කළ බව ජනාධිපතිවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published.