NEWS

දුම්රිය මාර්ග සංඥා පද්ධති තුනක් මෙරටදීම නිපදව දුම්රිය ඉංජිනේරුවෝ මිලියන 900 ක් ඉතිරි කරති

විදේශ සමාගම් හරහා සවි කිරීමේ දී රුපියල් මිලියන දහසකට අධික පිරිවැයක් දැරිය යුතු දුම්රිය මාර්ග සංඥා පද්ධති ත්‍රිත්වයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හා තාක්ෂණ ශිල්පීන් රුපියල් මිලියන හැටක උපරිම පිරිවැයක් යට කරමින් නිම කර ඇත.

මේ මගින් විදේශ විනිමය රුපියල් මිලියන නවසියයකට අධික ඉතිරියක් රටට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික ජයසුන්දර  පැවසීය.

මෙම පද්ධති සවිකර ඇත්තේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට, නුගේගොඩ සහ මහරගම යන දුම්රිය ස්ථානවලය.

එක් පද්ධතියක් දේශීය ශ්‍රම දායකත්වයෙන් සකස් කිරීමට රුපියල් මිලියන විස්සක පමණ මුදලක් වැය වන අතර එම මුළු වියදමින් තුනෙන් එකක් විදේශවලින් උපකරණ හා භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැය වේ. සෙසු වියදම් දේශීය මිලදී ගැනීම් සහ කාර්ය මණ්ඩල අතිකාල හා අමතර වියදම් සඳහා වැය වේ.

විදේශ සමාගම් හරහා එක් දුම්රිය ස්ථානයක මෙම පද්ධතියක් සවිකිරීම අවම වශයෙන් රුපියල් මිලියන තුන්සියයක පිරිවැයක් දැරීමට සිදු වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අරුණ
 
 

 

Leave a Reply

Your email address will not be published.