NEWS

අරවින්ද සංගා මහේල මුරලි මහානාමගෙන් යුත් ක්‍රිකට් සංවර්ධන කමිටුවක්

 

නව ක‍්‍රිකට් කමිටුවක් පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ නිර්දේශ කර තිබෙනවා. එම කමිටුව මගින් කී‍්‍රඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප‍්‍රගතිය මෙන්ම ක‍්‍රිකට් සංවර්ධනය කටයුතු අධික්ෂණය කරන බවයි කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සදහන් කළේ. මේ දක්වා එම කි‍්‍රකට් කමිටුවට නම් කළ සාමාජිකයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

ක‍්‍රීඩා අමාත්‍යවරයා සමග හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිහිදෙනෙකු ඊයේ විශේෂ සාකච්ඡුාවක් පවත්වා ඇති අතර එහිදී ක‍්‍රිකට් සංවර්ධනයට ක‍්‍රිකට් අයතනය යටතේ ක‍්‍රියාත්මක වන විශේෂ කමිටුවක් පත්කිරීමට තීරණය වී තිබෙනවා.

අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහනාම යන හිටපු කී‍්‍රඩකයින් මෙම කමිටුවට නම් කර ඇති බවටයි වාර්තා පළ වන්නේ.

නෙත් ස්පෝර්ට්ස්මන්

Leave a Reply

Your email address will not be published.