NEWS

ඉන්දියාවෙන් තවත් එන්නත් ලක්ෂ 30 ක් ගෙන්වීමට සූදානම්

කොරෝනා රෝගය සඳහා ඉන්දියාවෙන් ලැබුණු එන්නත කොළඹ අවට රෝහල් හයකදී එන්නත්කරණය ඇරඹිණි. එන්නත අවශ්‍ය සෙසු ජනතාවට ලබාදීමට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් ඉන්දියාවෙන් මුදල් ගෙවා ලබාගැනීමට රජය සැලසුම් කර තිබේ.

සෞඛ්‍ය අංශවල සේවකයන්ටත් හමුදා හා පොලිස් නිලධරයන්ටත් මුලින්ම එන්නත සැපයීම සිදුවිය. ඉන්දියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණය ආරක්ෂක හා සෞඛ්‍ය සේවාවේ 2,50,000කට ප්‍රමාණවත් බවද සෞඛ්‍ය අංශ පවසයි. පළමු මාත්‍රාව ලබා දී සති 4ත් සති 12ත් අතර දෙවැනි එන්නත් මාත්‍රාව සැපයිය යුතුය.

රජයේ එන්නත්කරණ කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරියේදී ලැබෙන එන්නත් ලබාදීමට සුදුස්සන් තේරීම ඡන්දහිමි නාමලේඛන පදනම් කරගෙන සිදු කිරීමට නියමිතය. එන්නත ලබාගන්නා තැනැත්තන් තමන් මෙම එන්නත ලබාගන්නේ ස්ව කැමැත්තෙන් බවට වන ලේඛනයකටද අත්සන් තැබිය යුතු බව රජයේ එන්නත්කරණ කමිටුව කියයි.

මීළඟ වටයේ එන්නත ලබාදීමේදී වයස අවුරුදු 60ට වැඩි දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග වැනි බෝ නොවන රෝග ඇති අයට ප්‍රමුඛතාව හිමි වෙයි.

Leave a Reply

Your email address will not be published.