NEWS

ප්‍රතිදේහ මට්ටම සලකා බලා කොවිඩ් ආසාදිතයින් දින 10 න් ගෙදර යැවීමට රජයෙන් තීරණයක්

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යෑම සලකා බලමින් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් මුදා හැරීමේ දින ගණන දින 14 සිට 10 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් සඳහා යොමු කර තිබුණි.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශවලට අනුව, ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිතයින්ට පී.සී.ආර්. පරීක්ෂණ කර දින 10කට පසු ඔවුන්ගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ ගොස් ඇත්නම් මෙසේ දින 10න් මුදා හැරීමට පියවර ගැනේ.

ඔවුන් පිටව ගියද දින 14 යනතුරු (ඉතිරි දින 4) නිවෙස්වල ස්වයං නිරෝධායනය අනිවාර්ය වේ.

මෙම මාර්ගෝපදේශයන් බන්ධනාගාර රැඳවූවන්ට, වැඩිහිටි නිවාසවල පිරිස් සහ හෝටල්වල අය සඳහා අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මේ අතර ගත වූ දින දෙකේදී මෙරට කොවිඩ් ආසාදිතයින් අතුරින් තුන්දහස් තුන්සිය අසූනවදෙනකු (3389) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (28 වැනිදා) දිනයේදී පමණක් 1869 දෙනකු සුවය ලබා ඇති අතර එය දිනක් ඇතුළත සුවය ලැබූ වැඩිම සංඛ්‍යාව වේ.

ඒ අනුව සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව පනස් හතර දහස් හාරසීය තිස්පහක්.
තවත් ආසාදිතයින් පනස් දහස් නවසිය හැටනවදෙනකු (50969) රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

අරුණ

Leave a Reply

Your email address will not be published.