GOSSIP

මාතර අධ්‍යාපන ආයතනයකට කඩා වැදුනු මැරයන් තර්ජනය කල හැටි

මාතර පිහිටි අධ්‍යාපන ආයතනයකට කඩා වැදුනු මැරයින් පිරිසක් එහි පාලනාධිකාරියට තර්ජනය කල පුවතක් පිලිබඳව වාර්තා වේ.

දකුණ අධ්‍යාපන ආයතනය යනු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පෞද්ගලික අධ්‍යාපනික ආයතනයකි.එහි හිමිකාරිත්වය දරන්නේ දකුණු පළාතේ ප්‍රකට සිංහල ගුරුවරයකු වන රංජිත් ප්‍රනාන්දු මහතාය.

දශකයකට අධික කාලයක් මාතර දකුණ අධ්‍යාපන කේන්ද්‍රය පවත්වා ගෙන යන්නේ මාතර රාහුල පාරේ පිහිටි ජයනන්ද බිල්ඩින් නමින් ඇති බදු ගොඩනැගිල්ලේය.

එහි බදු කාලය තවත් වසර තුනකට ඇත. 2019- 11-14 ආරම්භ කෙරුණු බදු ගිවිසුමට අනුව වසරක කාලයකට ගෙවිය යුතු බදු මුදල රු. 2,600,000/- ක් වුවද වසරක කාලයක් සඳහා ලක්ෂ 28ක් ගෙවා ඇත.

එමෙන්ම බදු ගොඩනැගිල්ල මිළට දීමේ එකඟතාව අනුව පසුගිය 2010 වසරේ සිට අත්තිකාරම වශයෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ දී ඇත. ඒවාට අදාල සියලුම ලේඛන රන්ජිත් ප්‍රනාන්දු සතුව ඇත. එසේම ආරක්ෂිත තැන්පත් මුදල් ලක්ෂ 31ක් පමණ ඔවුන්ට දී ඇත. ඒ බව ගිවිසුම් වල සඳහන් වේ.

එසේ තිබියදීත් 2021-01-18 දින උදෑසන 5.30 පමණ වන විට කවුරුන් හෝ ආයතනයේ ගේට්ටු වලට ඉබි යතුරු දමා තිබී ඇත. ඒ අවස්ථාවේදි දකුණ අධ්‍යාපන ආයතනයේ කාර්‍යමණ්ඩලය ඒවා ඇරගෙන ඇතුලට ගොස් ඔන්ලයින් පන්ති වලට අදාල වැඩ කටයුතු කරද්දී සමන්සිරි ජයනන්ද නමැති අයත් තවත් අයෙකු සමඟ පැමිණ රන්ජිත් ප්‍රනාන්දු මහතාට ඇඟිලි දිගු කර අසභ්‍ය වචන කියමින් සවස 5.00 ට පෙර යතුරු භාර දෙන ලෙසත්, එසේ නොකළහොත් යතුරු දමන බවත් ඔහු මෙන්ම ඔහුගේ පවුලේ කිසිවෙකු තියන්නේ නැති බවත් කියා තදින්ම බැන වැදී ඇත.

Leave a Reply

Your email address will not be published.