පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කරයි. O/L 10 වසරේදී සහ A/L 12 වසරේදී පැවැත්වීමට සූදානමක්

වසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා හෙළි කෙළේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වා මාස ගණනාවක් එහි ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටීමට සිදුවීමෙන් සිසු දරු දැරියන්ට උසස් පෙළට පෙනී සිටීමට පමාවීමත් උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු තවත් මාස ගණනාවක් බලා සිටින්නට සිදුවීමත් යන කරුණු කෙරෙහි අවධානය යොමු කර මෙසේ පාසල් කාලය වසර 12ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇතැයි ලේකම්වරයා අවධාරණය කෙළේය.
ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමටත් විභාගය පවත්වා මසක් ඇතුළත ප්‍රතිඵල ලබාදීමේ කඩිනම් සැලැස්මක් ඇති කරන බවත් උසස් පෙළ විභාගය 11,12 වසරේදී පවත්වා එහි ප්‍රතිඵලත් මසක් ඇතුළත ලබාදීමෙන් සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් තුළින් උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමුවීමට හැකි වන බව අධ්‍යාපන ලේකම්වරයා අනාවරණය කරයි.
(සුභාෂිණි ජයරත්න – සිළුමිණ )