NEWS

යහපාලන සමයේදී කොළඹ වරායේ නැගනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට දෙන්න ගිවිසුම් පවා අත්සන් කරලා

අලුතින් පිහිටුවන සමාගමක් යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටියේ) අයිතියෙන් 49%ක් ඉන්දියාවට සහ ජපානයට විකුණා දැමෙන ආකාරයෙන් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර 2018 මාර්තු 11 වැනිදා එළැඹුනු එකඟතාවන්ට අනුව මෙම ගිවිසුම සකස් කර ඇත.

අදාළ අවබෝධතා ගිවිසුමට අනුව ඉන්දියාව සහ ජපානය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්වලට සම්බන්ධවීමේ භූ දේශපාපලනික වැදගත්කම පිළිබඳව ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවට පෙන්වා දී තිබේ. ඒ අනුව නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් ‘පර්යන්ත මෙහෙයුම් සමාගම’’ (terminal operation company – TOC) නමින් නව ආයතනයක් පිහිටුවා පර්යන්තයේ සම්පූර්ණ අයිතිය එම සමාගමට පැවරීම සිදු කරයි. අනතුරුව එම සමාගමේ කොටස්වලින් (අයිතියෙන්) 49%ක් ඉන්දියාව සහ ජපානය අතර බෙදී යන ආකාරයෙනුත් ඉතිරි 51%ක් කොටස්වල අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන අයුරිනුත් ගිවිසුමකට අත්සන් කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමක් යෝජනා කර ඇත. කෙසේ වෙතත් ඉන්දියාවට සහ ජපානයට ‘ජැටියේ කොමිස්වලින් 49%ක ප්‍රතිශතයක් බෙදීයනවාද යන්න මෙම ගිවිසුමේ අන්තර්ගත කර නැත.

මීට අමතරව නැගෙනහිර ජැටියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ජපානය විසින් හදිසි ණය මුදලක් ලබාදීමටද එම ණය මුදලින් ග්‍රැන්ටි දොඹකර ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමටද මෙමගින් එකඟතාව පළ වී තිබේ.

එම ණය මුදලට අදාළ සියලුම කොන්දේසි ජපානය විසින් සකස් කරන බව ගිවිසුමේ සඳහන් වේ. 2019 මැයි 28 වැනිදා අත්සන් කෙරුණු මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් එවකට වරාය හා නාවික කටයුතු ඇමැති සාගල රත්නායක, එවකට ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිර සුයියමා සහ එවකට ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් තරංජිත් සිං සංදා අත්සන් තබා ඇත.

නයන තරංග ගමගේ

Leave a Reply

Your email address will not be published.