NEWS
වජිර එජාප සභාපතිත්වයට..මහ ලේකම් තනතුර රංගෙ බණ්ඩාරට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කර ඇති අතර උප නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබෙනවා.