NEWS

උතුරට ධාරානිපාත වැසි..ගම්බිම් ජලයෙන් යටවේ

ගෙවුනු සතියක කාලයක් පුරාවට උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර හා ජලගැලීම් නිසා ප්‍රදේශ කිහිපයක ජනතාව පීඩාවන්ට පත්ව ඇති අතර දෛනික කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් පැවසූහ.

මේ අතර නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර් ෂාව හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම දොරටු අඟල් 6 ක් බැගින් විවෘත්ත කිරීමට පියවර ගත් බවට කිලිනොච්චිය වාරිමාර් ග දොපාර් ත මේන්තු නිලධාරී කාර් යාලය පැවසීය.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් වාන් ජලයේ අවධානම පවතින පරන්තන්, පන්නංකඩ්ඩි, උමයාල්පුරම්, කණ්ඩාවලෙයි, මුරුසමොට්ටෙයිසහ උරියාන් ඇතුලු පහත් බිම් ප්‍රදේශයන්හි ජනතාවට අවධානයෙන් සිටින ලෙසටත් ගංවතුර තත්වයක් ඇති වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසටද කිලිනොච්චිය දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකය පැවසීය.

එමෙන්ම දැඩි වර් ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් නිසා වව්නියාව සහ යාපනය දිස්ත්‍රීක්කයේද පුද්ගලයින් 100 කට ආසන්න ප්‍රමාණයක් පීඩාවන්ට පත්ව ඇති බවටද දිස්ත්‍රීක් භාර ආපදා කලමනාකරන ඒකකයන් වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *