NEWS

“ජනෙල් කැඩිලා බාගෙට තියෙන්නේ .සමහර මිනිස්සු ඒවා ඇරගෙන ඇතුලට එනවා ” -ළමා නිවාසයක දැරියන් බිලි ගන්නා සංවේදී කතාවක්

අනුරාධපුරය ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන්ට සිදුවන හිංසනයන් පිළිබඳව අද දෙරණ මඟින් අනාවරනය කර තිබුනා.

එම පුවත පහතින්.

අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ ගැහුණු ළමුන් කාමාතුරයින්ගේ ගොඳුරු බවට පත්වී ඇතැයි තොරතුරු රැසක් “අද දෙරණ“ උකුස්සාට වාර්තා විය.
උකුස්සා අද මෙම තොරතුර අනාවරණය කරන්නේ පසුගිය දින කිහිපයේදී මෙම ළමා නිවාසය තුළ නීතිවිරෝධී ක්‍රියා සහ අකටයුතුකම් රැසක් රටට අනාවරණය කළ පසුබිමකය. 

අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ සිදුවූ මත්පැන් සාද ඇතුළු අක්‍රමිකතා රැසක් උකුස්සා පසුගිය දෙදින පුරා රට හමුවේ අනාවරණ කළේය.
උකුස්සාගේ එම අනාවරණයෙන් පසුව ජනාධිපතිවරයාගේ අවධානය පවා ඊට යොමු වූ අතර විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවා එම ස්ථානයට ගොස් පරීක්ෂා කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවය.

නිලධාරීන්ගේ අවධානය මීට යොමු වීමට පෙර මෙහි සිටි දැරියන්ට සිදු වූ ලිංගික හිංසනයන් පිළිබඳව එහි සිටි දැරියන් දෙදෙනෙකු මෙලෙස උකුස්සාට තොරතුරු අනාවරණ කළේය.
උකුස්සා මෙම රූපරාමු හා කටහඬ ද වෙනස් කිරීමට කටයුතු කළේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

ළමා නිවාසයේ දැරිය  – “මටත් යෝජනාවක් දාලා තිබුණා. ඉස්සෙල්ලාම මූණ දිහා බැලුවා. ඇස් ගහනවා. ඊට පස්සේ මම බැන්නා තියෙන වනචරකම කියලා. ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී අමරා මැඩම්ට කිව්වා. ඊට පස්සේ කොමසාරිස්තුමාටත් කියන්න ඇති සමහරවිට. ඊට පස්සේ ඉතින් මොනවා වුණාද දන්නේ නෑ.“

ළමා නිවසයේ දැරිය  – “එක දවසක් ට්‍රිප් එකක් ගිහින් හිටියේ. එදා නුවරඑළිය ගිහින් හිටියේ. මම ඉස්සරහට ඇවිල්ලා ඉද්දි එයා මගේ ඇඟට මෙහෙම තියලා කොහෙන්ද ආවේ සුරංගනාවියක් ද මොකද්ද එහෙම කියලා කිව්වා. ඒක දැක්කා කොමසාරිස් මැඩම්. ඒ වෙලාවේ එයාට බැණලා තිබුණා. දැන් කොමසාරිස් ළමයි කියන දේ නෙමෙයි අහන්නේ පරිවාස නිලධාරින් කියන විදියට ඒවා කරලා සෑහෙන්න ළමයින්ට වධ දෙනවා. නිවාස මාරු කරනවා. ඒ එයාලා කරන වැරදි වැඩ වෙනුවෙන් කතා කරනවා කියලා.“
එතකොට ඔය දරුවා මොනවගේ කටුක අත්දැකීම්වලට ද මුහුණ දුන්නේ?

“ඒක කියන්න තේරෙන්නේ නෑ. කතා කරද්දි කුණුහරපෙන් කතා කරන්නේ. ගහනවා හරියට කන්න දෙන්නේ නෑ. එයාලා නිතරම මතක් කරලා දෙනවා අපිට අපි අම්මා තාත්තා නැති ළමයි. නිතරම එයාලා ඒක අපිට පෙන්නලා දෙනවා. ඒ පරිවාසේ ඉන්න කාලේ ඒක ඇතුළට මිනිස්සු එනවා. ඒක ඇතුළේ කිසිම ආරක්ෂාවක් නෑ. ජනෙල් බාගෙට තියෙන්නේ. ඒවා ඇරගෙන රෑට මිනිස්සු ඇවිල්ලා ඒකට එබෙනවා. ඒවගේ ඒවා තියෙනවා. ජනෙල් අයිනේ නිදියන් ඉන්න කට්ටියව අල්ලලා තියෙනවා. එක දවසක් ඇතුළටම ආවා. අඩුම ගානේ අපිට ජනෙල් ටිකවත් හදලා දුන්නේ නෑ. “
මෙම ළමා නිවාසයේ සිටි දැරියකගේ මවකට ද මෙහි සේවකයෙකු සිදුකළ අයුතු යෝජනාවක් පිළිබඳවද මෙම දැරිය මෛලෙස අදහස් පළ කළේය.

“මගෙත් එක්ක හිටියා නංගි කෙනෙක් …. කියලා. එයාගේ අම්මා ලස්සනයි. ඒ අම්මට ඕනේ වුණා …. ගන්න. ඒ කීර්ති සර් ….. අම්මට නරක විදියට ඉන්න ඕනේ කියලා. එහෙම හිටියොත් ….. දෙනවා කියලා කියලා තිබුණා. කීර්ති කියන එක්කෙනාට ඒ වගේ නඩුත් මම දන්න තරමින් තියෙනවා ඒ වගේ. ….. අම්මට විතරක් …. ගන්න නම් ඒ කීර්ති සර් එයත් එක්ක අනවශ්‍ය විදිහට කියලා යෝජනාවක් කරලා තිබුණා. එක දවසක් අපි ට්‍රිප් එකක් ගියා. එදා නුවරඑළි ගිහින් හිටියේ. මම ඉස්සරහට ඇවිල්ලා ඉද්දි එයා මගේ ඇඟට මෙහෙම තියලා කොහෙන්ද ආවේ සුරංගනාවියක්ද මොකද්ද එහෙම කියලා කිව්වා. ඒක දැක්කා කොමසාරිස් මැඩම්. ඒ වෙලාවේ එයාට බැණලා තිබුණා. දැන් කොමසාරිස් ළමයි කියන දේ නෙවෙයි අහන්නේ. පරිවාස නිලධාරීන් කියන විදිහට ඒවා කරලා සෑහෙන්න ළමයින්ට වධ දෙනවා. නිවාස මාරු කරනවා. ඒ එයාලා කරන වැරදි වැඩ වෙනුවෙන් කතා කරනවා කියලා. “

පරිවාස නිලධාරීන්ගේ ආශිර්වාදයෙන් මෙම ස්ථානයට පැමිණෙන කාමාතුරයන් නිසා මෙහි සිටින දැරියන්ට ලිංගික හිංසනයට මුහුණදීමට සිදු වූ බව එහි සේවයකළ පුද්ගලයෙකු මෙලෙස තහවුරු කළේය.

“එක එක දේවල් කියන්නේ ළමයින්ට ජනෙල්වලින් මේවා කරලා …. සේවකයෙක් පිරිමි ….. ඒ වගේ දේවල් වුණා. ඒවා දැනුවත් වෙලා තියෙනවා කොමසාරිස්තුමා ඒ වුණාට ඒවට දඬුවමක් දුන්නේ නෑ ඒ කට්ටියට උසස්වීම් දීලා ඒ කට්ටිය දැන් රියදුරෝ වෙලා ඉන්නවා. ඒ දේවල්වලට විරුද්ධ වෙච්ච අයට ස්ථාන මාරු දීලා අයින් කරන්නේ. ඒක දැනගන්න ඕනේ ජනාධිපතිතුමා පරිවාස භාර ඇමතිතුමා දැනගෙන මේ දරුවෝ බේරගන්න ඕනේ.ඒවා ගැන කතා කරන්න ගියෝත් මගේ රස්සාවත් නැති වෙන්න පුළුවන්.“ 

අන්ත අසරණ වී පිළිසරණක් නොමැතිව මෙවැනි ස්ථානවලට යොමුවන දැරියන්ට සිදුවන්නේ මෙවැනි අකටයුතුකම්වලට මුහුණදීමට ඔවුන්ගේ  අනාගතය පිළිබඳ කවර කතාද?

සුඩානයේ ඉස්ලාමීය පාසලක් තුළ එහි ඉගෙනුම ලබන දරුවන්ට පහර කැම්වලට ලක්වීමට සිදු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමග ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ ද අවධානය ක්ෂණිකවම යොමුවුණේ රටකට ඇති අගනාම සම්පත දරුවන් බවට යළි යළිත් තහවුරු කරමිනි.

එසේ නම් අප ඇස්පනා පිටම දූෂිත ක්‍රියාවන් රැසක් සිදු වූ අවන්ති දේවී ළමා නිවාසයේ හා උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සිදුවන අකටයුතුකම් පිළිබඳව ස්ථාන මාරුවීම්වලට පමණක් සීමා නොවී බලධාරීන් සෘජු තීන්දු තීරණ ගන්නේ කවදාද ?

උපුටා ගැනීම – අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *