NEWS

මුතුරාජවෙලට අත තියන්න දෙන්නෙ නෑ.කාදිනල් හිමියන් කියයි

අශිකා ජයවීර

මුතුරාජවෙල අභයභූමිය පෞද්ගලික සමාගමකට අයිතිවීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව කාදිනල් හිමි පැවසීය.

ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට පත්කරන මෙම සමාගම එම භූමියේ සිදු කිරීමට යන ව්‍යාපෘතියට එකහෙළා විරුද්ධ වන බව උන්වහන්සේ අවධාරණය කරයි.

කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙසේ පවසා සිටියහ.

වනජීවී දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මුතරාජවෙල භූමිය එකවරම පෞද්ගලික සමාගමකට අයත් වූයේ කෙසේද යන්න විශාල ගැටලුවක් බවත් රට පාලනය කරන පුද්ගලයන්ට වසර පහකට රට පාලනය කිරීමට භාර දුන්නේ මෙරට ජෛය පද්ධතීන් විනාශ කිරීමට නොවන බවත් කාදිනල් හිමියෝ කියති.

රටේ පවතින ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට වර්තමාන රජයට නොහැකි නම් ඔවුන්ට සිදුවන්නේද ජනතාවගේ විරෝධතාවයෙන් බලය අතහැර යාමට යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *