GOSSIP

කොළඹ 2000 යි..රත්නපුරයේ 5000 යි..කොරෝනා පරීක්ෂණ වලින් ගසා කනවාද ?

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රුපියල් 2000 කට සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රත්නපුර නගරයේ බොහෝමයක් පෞද්ගලික රෝහල් වල රුපියල් 5000 කට ආසන්න මුදලක් ලබා ගන්නා බව වාර්තා වනවා.

එලෙස වැඩි මුදලක් ලබා ගනු ලබන්නේ ඉන් යම් කොටසක් තවත් පාර්ශවයකට ලබා දීමටද යන්න එම පරීක්ෂණය සිදුකල ඇතැම් පුද්ගලයින් සැක පල කරනවා.

මේ පිළිබඳව සොයා බැලු අපට වාර්තා වුයේ රත්නපුර මහ රෝහලේ එක්තරා පාර්ශවයක් රුපියල් 1250ක ගාස්තුවක් එක පරීක්ෂණයකින් අය කරන බවයි .

එසේ ගෙවීම කිරීමට එකඟ නොවුනහොත් එම අදාළ රෝහල් වලින් කරනු ලබන කිසිඳු පරීක්ෂණයක් පිළිනොගන්නා බවට අදාළ පාර්ශව පෞද්ගලික රෝහල් වලට බලපෑම් කරන බවද වාර්තා වනවා.

මේ හේතුවෙන් රත්නපුරේ පෞද්ගලික රෝහල් මහත් අසීරුතාවයකට පත්ව ඇති අතර ඔවුන් පවසන්නේ 2,000 ට සිදුකල හැකි  පරීක්ෂණය 5,000 ට සිදු කිරීමට කරන බලපෑම මත මේ මුදලත් රෝගීන්ගේ  ගිණුම මත බැර වෙන බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමතිවරියද නියෝජනය කරන ප්‍රදේශයක මෙවන් සිදුවීමක් වාර්තා වීම නම් කණගාටුවට කරුණකි. අදාළ බලධාරීන් මේ දෙස අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. කොරෝනා හමුවේ රටේ සියලුම ජනතාව පීඩා විඳින මෙවන් අවස්තාවක මෙවැනි ක්‍රියාවක් තවදුරටත් ක්‍රියාත්මක වේ නම් එය පිළිකුල් සහගත බව Lanka Links වෙබ් අඩවියේ අදහසයි.

උපුටා ගැනීම – Lanka Links

Leave a Reply

Your email address will not be published. Required fields are marked *