NEWS

දිස්ත්‍රික්ක 15 ක හෙක්ටයාර 41,000 ක් රක්ෂිත ලෙස නම් කරයි

දිස්ත්‍රික්ක 15 ක වනාන්තර 69 ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ. ඒ අනුව හෙක්ටයාර් හතළිස් දහස් හත්සිය හැට එකක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් පත්‍රයට ඇමැති විමලවීර ඊයේ (05 වැනිදා) අත්සන් කළේය.

පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන රක්ෂිත 05 ක හෙක්ටයාර් හතළිස් හතක්ද, එම ගැසට් නිවේදනයට ඇතුළත්ව තිබේ.

මොනරාගල, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, පුත්තලම, නුවරඑළිය, මහනුවර, මන්නාරම, පොළොන්නරුව, අම්පාර, කෑගල්ල, කිලිනොච්චිය, බදුල්ල, ගම්පහ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ඇති වනාන්තර මෙසේ රක්ෂිත බවට නම් කර ඇත.

ගැසට් ලේඛනයට අත්සන් තැබීමෙන් අනතුරුව එම ලේඛනය වනජීවී රැකවරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට භාරදෙනු ලැබීය.

අම්පාර දිස්ත්‍රික්කයේ ටැම්පිටිය වනාන්තරයේ හෙක්ටයාර් දෙදහස් හයසිය හැට නවයක් (2669.06), නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිකිළියාමාන වනාන්තරයේ හෙක්ටයාර් හාරදහස් හයසිය විසි හතක් (4627.624) ,අනුරාධපුර ආනවිලුන්දාව වනාන්තරයේ හෙක්ටයාර් විසි පන්දහස් පනස් අටක් (25058.59) රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *