NEWS
ගේට්ටුව වසා තිබියදී පා පැදියෙන් පාර මාරුවීමට ගිය පුද්ගලයෙකු දුම්රියට බිලිවේ (PHOTOS)

අද දහවල් 12.10 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානය අසල ප්රධාන දුම්රිය ගේට්ටු වසා ඇති අවස්ථාවේ එමඟින් බයිසිකලයකින් පාර මාරුවීමට ගිය පුද්ගලයෙකු දුම් රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුනා.
ඔහු අනුරාධපුර නීරාවිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.