NEWS

පලාත් සභා ජන්දෙට අපි සූදානම් – සජබෙන් අපේක්ෂකයින් තෝරන්නට සැරසෙයි

සමගි ජන බලවේගය ඉදිරි පළාත් සභා ඡන්දය සඳහා අවශ්‍ය කරන අපේක්ෂකයන් තෝරාගැනීම ළඟදීම අරඹන බව එහි මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

ආසන මට්ටමින් පක්ෂ සංවිධාන ආරම්භ කිරීම මුලින්ම සිදුකෙරෙයි. මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට කැමැති අයගෙන් අයැදුම්පත් කැඳවීම ඉතා ඉක්මණින් සිදුකරන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පක්ෂ ව්‍යවස්ථාව අනුව විපක්ෂය පුළුල් සන්ධානයකට අවශ්‍ය සැලසුම සකසා ඇත. ඒ අනුව විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත් සමගි ජනබලවේගය සමග එක්ව ඡන්දයට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *