NEWS

මේක අපි හදපු අපේ ආණ්ඩුවක්.ප්‍රශ්න සාකච්චා කරලා විසඳාගන්නවා -ඇමති දයාසිරි

2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වූ අසාධාරණකම් පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඒවා නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය ‍වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“අපි පිහිටවපු අපේ ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඒ නිසා එයත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන්නේ කොහොම ද කියන අභියෝගය තමයි අපිට තියෙන්නේ. මේ සඳහා අපි සියලුදෙනාම වැඩකටයුතු කරනවා.“

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් තේරීමේදී තම පක්ෂයට අසාධාරණ ලෙස සැලකූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ “The Hindu” පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවක දීය.

මේ සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

ප්‍රශ්න – ඔබතුමා කිව්වා අපි ඇතිකරපු අපේ ආණ්ඩුව කියලා, නමුත් හින්දු පුවත්පතට ඔබතුමාලගේ පක්ෂයේ සභාපතිතුමා කියලා තිබෙනවා මහ මැතිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීමේදී තම පක්ෂයට අසාධාරණයක් වුණා කියලා, ඉතින් එහෙම දෙයක් ඇත්තටම වුණාද ?

“මහමැතිවරණයට අපේ අපේක්ෂකයින් 58 දෙනෙක් ඉල්ලුවා දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම. ඒ අපේක්ෂකයින්ගෙන් අපිට ලැබුණේ ඇත්තටම 26 දෙනෙක් පමණයි… එතුමා කතා කරලා තියෙන්නේ පළාත් සභා ගැන. අසාධාරණකම් ගණනාවක් සිදුවෙලා තිබෙනවා. අපි ඒවා සාකච්ඡා මට්ටමින් විසඳාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. “

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා,

“අපේ පක්ෂයේ සියලුදෙනාටම ලොකු වගකීමක් තියෙනවා අපි ලබපු ජයග්‍රහණය ආරක්ෂා කිරීමට. මේක ගමේ තියෙන සමිතිවල ඉදලා ඉහළ අපි සියලුදෙනාටම පැවරුණ වගකීමක්. අපි ආරම්භයේ ඉදලා සාමුහිකව ඔක්කෝම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදලා පහළම සාමාජිකයා දක්වා මේ හැම වගකීමක්ම දැරුවා. අපි ජයග්‍රහණය හා වගකීම වෙනුවෙන් කැපවෙන්න ඕනේ. ඒකට ඔබේ ශක්තිය දෙන්න. අපිට ඕන වුණේ මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවා ගන්න. ආණ්ඩුවක් පිහිටවෙව්වා තුනෙන් දෙකක් එකක්. නමුත් මොන ඡන්දේ අපි සුදානම් තරග කරලා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *