හේන් ගොවිතැන් කල නොහැකි නිසා අලි වැට ගැසීම ඇමති චමල්ගේ අණින් නවතී

වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා නිමලව අභය භූමියට මායිම්ව ඉදිකරමින් පැවැති යෝජිත විදුලි වැට ඉදිකිරීමේ කටයුතු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නියෝග මත වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
කිරින්ද නාවික හමුදා ක`දවුර ළඟ සිට ලෝ`ඵගහ වැව දක්වා ඉදිවෙමින් පැවැති මෙම විදුලි වැට ඉදිකිරිමේ දී හේන් වගා බිම් අහිමි වන බව පවසන හේන් ගොවීන් පිරිසක් සමග අමාත්‍යවරයා කළ සාකච්ඡුාවකින් පසු අමාත්‍යවරයා විසින් ඉකුත් 29 දා මෙම නියෝගය වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට ලබා දී තිබේ. ඒ අනුව වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා විසින් විදුලි වැටේ ඉදිකිරීම් කටයුතු තාවකාලික අත්හිටුවා තිබේ.
පළමු අදියර යටතේ කිලෝමීටර් හතක දුරක් විදුලි වැට ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී අත්හිටුවා ඇති විදුලි වැටේ කිලෝමීටර් තුනක දුරක් මේ වනවිට විදුලි කණු සිටුවා තිබේ. ඉතිරි කිලෝමීටර් හතරෙහි විදුලි කණු සිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබේ.
කුමන නියෝග ආවත් යෝජිත විදුලි වැට කඩිනමින් ඉදිකර දී තම ජීවිත ආරක්ෂා කර දෙන්නැයි කිරින්ද ප්‍රදේශවාසීන් පිරිසක් වනජීවී නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති. යෝජිත විදුලි වැට ඉදි නොකර වන අලි ගම්වැදී තම ජීවිතවලට හානියක් සිදු කළහොත් ඇමැතිවරයා ඊට වගකිව යුතු බවද ඔවුන් පැවැසුහ.
උපුටා ගැනීම – https://divaina.com/daily/index.php/pradeshiya-puwath/52599-2020-12-31-13-19-56