මුහුද ගොඩ ගලයි.මුතු පන්තියේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි

අද පෙරවරුවේ මුහුදු ජලය ගොඩගැලීම හේතුවෙන් මුතුපන්නිය දූපත් නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.
පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ මුහුදු ජලය අඩි තුනක් හතරක් උසින් එකවර ගොඩබිමට කඩා වැදී ඇති බවයි.
දූපතේ ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටි ද මුහුදට ගසා ගෙන ගොස් ඇතැයි ඔහු සඳහන් කරයි.
මුහුදු රළ සමග ගලාගෙන ආ අපද්‍රව්‍ය විශාල වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩගැසී තිබේ.
ගම්වැසියන් සඳහන් කරන්නේ සුනාමිය මෙරටට බලපෑ අවස්ථාවේදී ද මෙතරම් මුහුදු රැළක් තම දූපතට ගලා ආවේ නැති බවයි.
කාලගුණ අංශ පවා මෙතරම් මුහුදු රළ ඉහළ යාමක් ගැන දැනුවත් කර නොතිබූ බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.
Lanka C News
One Comment