පොලොන්නරුවේදී කොවිඩ් රෝගීන් 05 දෙනෙකු පලා යයි

පොලොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ,මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනෙකු අද අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් තිබෙනවා.
ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.