
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
එම ආසාදිතයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාව විසින් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට පසුගියදා පියවර ගත්තේය.
කෙසේවෙතත් අදාළ තහනම පැනවීමට පෙර බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයින් පිරිසක් එම වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනාගෙන තිබේ.
නොවැම්බර් මස 25 වනදා සිට පසුගිය 23 වනදා දක්වා කාලය තුළ පමණක් බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාව වෙත පුද්ගලයින් 33,000 ක් පැමිණ ඇති බව සඳහන් වේ.
ඉන් 114 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් මෙම නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වළක්වා ගැනීමට ගත හැකි සෑම ක්රිමාර්ගයක්ම ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
අද දෙරණ