NEWS

බෞද්ධයින් යැයි කියාගන්නා අන්තවාදීන්ට ඉඩ දෙන්න එපා.වතුරෙන් හෝ පසෙන් කොරෝනා බෝවෙන්නෙ නෑ -හිටපු ජනපති චන්ද්‍රිකා

විද්‍යාවේ තාර්කික උපදෙස් මත කොවිඩ් 19 වසංගතය ගැන පැන නැගී ඇති ප්‍රශ්නවලට විසඳුම් සොයන ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

හිටපු ජනපතිනිය මේ බව සඳහන් කොට තිබෙන්නේ වීඩියෝ පටයක් නිකුත් කරමිනි.

විදේශගත මෙන්ම මෙරට වෛද්‍යවරුන්ගේ සහ විද්‍යාඥයින්ගේ අදහසට අනුව කටයුතු කරන ලෙස පවසන ඇය, බෞද්ධ අන්තවාදීන්ගේ තිබෙන මුස්ලිම් විරෝධය පදනම් කොට මුස්ලිම් ජාතිකයින්ගෙන් පලි ගන්නා බවක් පෙනෙන්නට තිබෙන බවද සඳහන් කරයි.

තමා මෙතරම් කල් මේ ගැන කතා නොකළ බවත් තමා පසුගිය කාලය තුළ මේ සම්බන්ධයෙන් හැදෑරීමක් කළ බව ද දැන් කතා කරන්නේ ඒ හැදෑරීම තුළ සිටිමින් බවද හිටපු ජනපතිනිය වැඩිදුරටත් සදහන් කරයි.

ඇය කියා සිටින්නේ පසෙන් සහ ජලයෙන් කොරෝනා රෝගය පැතිර නොයන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *