GOSSIP

නාවලපිටිය ප්‍රාදේශීය දේශපාලකයෙකු කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩමක් බලෙන් අත් කර ගැනීමේ උත්සාහයක

අඹගමුව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයෙකු විසින් අඹතැන්න ප්‍රදේශයේ පිහිටි බීජ ගොවිපොළට අයත් ඉඩමක් බලෙන් අත් කර ගැනීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.

වාර්තා වන ආකාරයට ඔහුට අයත් වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් එම ගොවිපොල අසල ඇති අතර එම කටයුතු වෙනුවෙන් එම ස්ථානයෙන් ගලා බසින පිඟා ඔයේ ජලය පහසුවෙන් ලබා ගැනීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.

එම ඉඩමේ සිටුවා තිබූ නාම පුවරුවක් සහ වැටද ඔහු විසින් කපාගෙන ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාටද වාර්තා වී ඇති අතර අදාල ප්‍රාදේශීය දේශපාලකයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඔහු තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

උපුටා ගැනීම – Lanka X Gossip.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *