NEWS

කොවිඩ් නිසා කර්මාන්ත ශාලා 800 ක් ම වැහෙන ලකුණු

ඍජු අපනයන ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලා 800ක් පමණ කොවිඩ් බලපෑම මත ඉදිරියට ගෙනයාමේ දැඩි අර්බුදයකට මුහුණපා ඇත.

මින් වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. එම ප්‍රමාණය හයසියයකට ආසන්නය. ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වන ආයෝජන ප්‍රවර්ධන කලාප පහක් වෙයි. එම කලාප පහේ කර්මාන්ත ශාලා 164ක් තිබේ. ඒ කටුනායක 79ක්, බියගම 55ක්, මීරිගම 8ක්, මල්වාන 6ක් හා වතුපිටිවල 16ක් වශයෙනි. මෙම කම්හල්වල අසූදහසකට ආසන්න පිරිසක් සේවය කරති.

මීට සාපේක්ෂව හොරණ හා සීතාවක ආයෝජන කලාපවලද කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

විදේශයන්ගෙන් ඇතැම් කර්මාන්ත ශාලාවලට ලැබුණු ඇණවුම්ද නියමිත කාලයට ලබාදීමට නොහැකිවීම මත විශාල පාඩු ලැබීමට සිදුවූ බව එම කර්මාන්ත හිමියෝ පවසති.
මෙහිදී වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කම්හල්වලටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *