NEWS

ශීතාගාරවල තිබූ කොවිඩ් මළ සිරුරු පහක් ආදාහනය කරයි

රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශීතාගාරවල තැන්පත් කර තිබූ කොවිඩ් ආසාදනයෙන් මියගිය තවත් මුස්ලිම් ජාතිකයින් 05 දෙනෙකුගේ සිරුරු අද (28) ආදාහනය කෙරුණි.

බොරැල්ල පොදු සුසාන භූමියේදී රජයේ වියදමින් එම ආදාහන කටයුතු සිදුවිය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ඉල්ලීම මත, ආදාහනය කෙරුණු එම සිරුරු තැන්පත් කර තිබුණේ, රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශීතාගාරවලය.

පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට එම ශීතාගාරයේ කොවිඩ් දේහ 19ක් තැන්පත් කර තිබූ අතර ඉන් 10ක ආදාහන කටයුතු මීට පෙර සිදුකෙරුණි. 

මේ අතර කොවිඩ් ආසාදනය හේතුවෙන් මඩකලපුව කාත්න්කුඩිහි පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු මඩකලපුව ශික්ෂණ රෝහලේදී ඊයේ (27) මිය ගොස් ඇති අතර, ඔහුගේ සිරුර එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *