NEWS

පැය 24 න් භුමිදානය කල යුතු මුස්ලිම් දේහ අධි ශීතකරණ වල තබන්නේ කොහොමද ? – ඕමල්පේ හිමි

චාරිත්‍රානුකූලව මුස්ලිම් ආගමිකයන්ගේ මෘත දේහ පැය 24ක් ඇතුළත භූමදානය කළ යුතු නම් කොවිඩ් ආසාදිත වී මියගිය මුස්ලිම් ආගමිකයන්ගේ මෘත දේහ අධි ශීතකරණවල තැන්පත් කර තැබීම චාරිත්‍රානුකූල නොවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ සඳහන් කළේ කොවිඩ් සෑදී මිය යන මුස්ලිම්වරුන්ගේ මෘත දේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන තීරණය ගත යුත්තේ රජය බවත්, එම තීරණය ගැනීමට මහජනතාවට ඉඩ නොහැරිය යුතු බවත්ය.

එසේම මෙම මෘත දේහ පිළිබඳව තිබෙන ගැටලුව ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පරිවර්තනය​ නොකළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

මෙලෙස කොවිඩ් ආසාදනය වී මිය යන බෞද්ධ සහ ක්‍රිස්තියානි පුද්ගලයන්ගේද දේහ ආදාහනය කරන්නේ ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර නොකර බවත්, මුස්ලිම් ජනතාවද සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව එම කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *