NEWS
පෙට්රල් කියා රවටා ගාල්ලේ මිනිසුන් දෙදෙනෙකු කඩහිමියෙකුට වතුර බූලි දෙකක් විකුණලා

වෙළෙඳසල් හිමියකුට පැට්රල් බව පවසා ඇල්වතුර විකුණූ බවට චෝදනා ලැබූ දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල ප්රධාන මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
වාර්තා වන පරිදි මෙම සැකකරුවන් දෙදෙනා විසින් වෙළඳසැල් හිමියෙකුට බූලි දෙකක් පෙන්වා පවසා ඇත්තේ තම මිතුරෙකු ඔවුන්ට මෙලෙස පෙට්රල් ලබා දුන් බවත් කැමතිනම් අඩු මිලට තමාගෙන් ඒවා මිලට ගන්නා ලෙසත් ය.
එහිදී එම වෙලඳසැල් හිමියා ඒවා මිලට ගැනීමට සූදානම් වන විට ඔහුගේ පුත්රයා පරීක්ෂා කර බැලූ විට හෙළිව ඇත්තේ එවා වතුර බැරල් දෙකක් බවයි
ඔවුන් දෙදෙනා විසින් එම බූලි දෙක පෙට්රල් බව හැඟවීම සඳහා බූලී දෙකේ මුඩිවල පෙට්රල් තවරා තිබූ බවද පසුව සොයාගෙන තිබෙනවා