NEWS

මුස්ලිම් මෘත දේහ දෙස මානුෂීයව බලනවා.මාලදිවයිනට ගෙනි යන්නේ නෑ -ඇමති රමේෂ්

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ගැන සාධනීය හා මානුෂීය පදනමකින් අවදානය යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ගේ තීන්දුව නැවත සලකා බලා තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද ඒ මහතා කීවේය.

වඩාත් ප‍්‍රායෝගිකම තීරණය සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම බවත් ඔහු කීය.

කෙසේ වෙතත් එම මෘත දේහ මාල දිවයිනට ගෙන යාමට කිසිදු සූදානමක් නැතැයිද ඔහු සදහන් කලේය.

කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

Lanka C News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *