NEWS

මින් මතුවට දේශපාලකයින්ට ගල් වැලි බලපත්‍ර ලබා නොදීමට තීරණයක්

කිසිම දේශපාලනඥයකුට හෝ ඔහුගේ පවුලේ අයකුට වැලි, පස් සහ කළුගල් කැණීම් බලපත්‍ර නිකුත් නොකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ඊයේ (22 වැනිදා) උපදෙස් දුන්නේය.

මහජන ඡන්දයෙන් පැමිණෙන ඇතැමුන් බලාපොරොත්තු වන්නේ පාරිසරික සම්පත් විනාශ කිරීම බවද පරිසර ඇමැතිවරයා කියයි.

ඇතැම් දේශපාලනඥයන් සහ ඔහුගේ පවුල්වල සාමාජිකයන් වැලි, පස් සහ කළුගල් කැණීම් බලපත්‍ර ලබාගෙන විශාල වශයෙන් පරිසර විනාශයන් කරන බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් පරිසර ඇමැතිවරයා මෙම නියෝගය කර ඇත.

Leave a Reply

Your email address will not be published.