මන්ත්‍රී සටනින් ඥාණසාර හිමි පරදා රතන හිමි දිනයි… කොඩියේ මන්ත්‍රීකම රතන හිමිට

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර තිබේ.
මැතිවරණ කොම් කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව තහවුරු කළේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජන බල පක්ෂයෙන් තරග කරන ලද අතුරලිය රතන හිමියන් පරාජයට පත් විය.
එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පුද්ගලයකු නම් කර ගැනීමේදී දැඩි මත ගැටුම් ද ඇති වූ අතර අවසානයේ රතන හිමියන් නැවතත් මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබේ.