NEWS

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට පදිංචියට එන්නැයි මාලදිවයින ආරාධනා කල යුතුයි -මාලේ හිටපු විදේශ ඇමතිනිය

ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ට මාලදිවයිනේ පදිංචියට එන්නැයි ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මවුමූන් මහත්මිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.

කොරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද එහි සදහන්ය.

මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ‍්‍රී ලංකාවේ කොරෝනා මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට සලකා බලමින් සිටින බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *