රෝහල්වල ගොඩ ගැසී ඇත්තේ මුස්ලිම් අයගේ මල සිරුරු.ඒවා බාර නොගන්නේ ආදාහනය කිරීමට විරෝධය පල කරන්නයි

කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්රතික්ෂෙප කර රෝහල්වල එකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
ඔවුන් එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට යයිද ඔහු කියා සිටියි.
කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම කටයුත්ත කර ඇතැයිද ඔහු පැවසීය.
දැන්වත් රජය ජනතා විරෝධය තේරුම්ගෙන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය ට අවසර දිය යුතු බවද ඔහු කියා සිටියේය.