NEWS

මෙරට බවුන් වඩමින් සිටියදී ගලක ගැටගසා අපවත් කර තිබූ විදෙස් හිමිනමගේ දේහය හමුවේ

මෙරට බවුන් වඩමින් සිටි නෙදර්ලන්ත ජාතික භික්ෂූන් වහන්සේ නමක් අපවත්කොට තිබියදී උන්වහන්සේගේ සිරුර සොයාගෙන තිබෙනවා.

60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ හිමි නමින් පැවිදිව වැඩ වාසය කර තිබෙනවා.

පිණ්ඩපාතයේ වැඩම කළ උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරක් ලැබී නැති අතර , උන්වහන්සේගේ දේහයේ අතපය ගැටගසා බෙල්ලේ ගලක් ද ගැට ගසා තිබියදී හමුවී තිබෙනවා.

දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද පෙරවරුවේ සිදු කරනු ලැබ තිබෙන අතර පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *