සෞඛ්‍ය උපදෙස් මත ශ්‍රී ලංකාවට එන්න සංචාරකයින්ට අවසර

සෞඛ්‍ය උපදෙස් මත නිසි ක්‍රමවේදයන් අනුව විදෙස් සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවසර දී සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමට එකඟතාවය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග තමන්ද සාකච්ඡා කළ බවත්, හඳුනාගත් ප්‍රදේශවලට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම ( Travel bubbles ) සුදුසු බවත් පෙරේදා (07 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.