GOSSIP

මැනිං වෙළඳපොල උද්ඝෝෂණයට පැමිණි මන්ත්‍රී චම්පිකට හූ සංග්‍රහයක්

පෑලියගොඩ ප්‍රදේශයේ අළුතින් ස්ථාපිත කර තිබෙන මැනිං වෙළෙඳ පොලේ කඩ කාමර ලබා දීමේදී අසාධාරණයක් සිදුවන බව පවසමින් එහි වෙළඳුන් ඊයේ දිනයේ සිදුකළ විරෝධතාවට හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා පැමිණීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති විය.

අදාල වෙළඳපොලේ කඩ කාමර කුසපත් ඇදීමකින් වෙළඳුන්ට ලබාදීමට තීරණය කර තිබුණ ද ඔවුන් සඳහන් කරන්නේ සංගමය සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති බවයි.

ඒ නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් එම වෙළඳුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ දී විරෝධතාවයක නිරතවිය.

චම්පික රණවක මහතා එම අවස්ථාවේ විරෝධතාවය අසලට පැමිණීමත් සමග වෙළඳුන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් ඔහුට විරෝධය පළ කරන ලදී.

රණවක මහතා එහිදී කියා සිටියේ එම වෙළෙඳ මධ්‍යස්ථානය ඉදි කළේ තමන් විසින් බවයි.

වෙලදුන්ගේ දැඩි විරෝධය මැද උණුසුම් වචන හුවමාරුවකින් පසු හිටපු ඇමතිවරයා හූ හඬ මැද එම ස්ථානයෙන් පිටව ගියේය.

උපුටා ගැනීම -Lanka C News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *