නිරෝධායනය වන ජනතාවට බඩු මල්ලක් වෙනුවට රුපියල් 10,000ක් දෙන්න -සජිත් කියයි

නිරෝධායනය වන ජනතාවට බෙදා දෙන බඩු මල්ල වෙනුවට මුදලින් රුපියල් 10,000 ක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (07 වැනිදා) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
රජය විසින් නිරෝධායනය වන ජනතාවට ලබා දෙන රුපියල් 10,000 ක බඩු මල්ලේ ඇත්තේ රුපියල් 7000 ක් පමණ වටිනා බඩු බව කී විපක්ෂ නායකවරයා එහි ඇති කඩලවල ගුල්ලෝ ඇතැයි ද කීය. බඩු මල්ලේ තිබෙන්නේ කල් ඉකුත්වූ පරිප්පු බවද, අල කුණුවී ඇතැයි ජනතාව මැසිවිලි නගන බවද කී විපක්ෂ නායකවරයා නූඩ්ල්ස් කිලෝ ග්‍රෑම් පහක් වෙනුවට ඇත්තේ කිලෝ දෙකක් බවද කීය.
සොයා මීට් කිලෝ පහක් වෙනුවට බඩු මල්ලේ තිබෙන්නේ කිලෝ තුනක් යැයි ඔහු කියා සිටී.මේ හේතුවෙන් බඩු මල්ලක් වෙනුවට නිරෝධායනය වන පවුල්වලට රුපියල් දසදහසක් මුදලින් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.