NEWS

මරණ දඬුවම නියම වුනත් හැසිරීම යහපත් නම් නිදහස දීමට ඇමති සූදානම්

මරණ දඬුවම නියම කර දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින රැඳවියන් යහපත් පැවැත්ම මත නිදහස් කර හැරීමට බන්ධනාගාර අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.

මෙම සමාව ලබාදීමට නියමිතව ඇත්තේ සංවිධානාත්මක අපරාධ, මත්කුඩු ජාවාරම් හා ස්ත්‍රී දූෂණ වැනි බරපතළ ගණයේ අපරාධ වලට සම්බන්ධ නොමැති සිරකරුවන්ටයි.

ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරන ලද කමිටු නිර්දේශ අනුව මගින් යහපත් ලෙස කටයුතු කර ඇති සිරකරුවන් නිදහස් කර යැවීමට අවධානය යොමු වී තිබේ.

මරණීය දඬුවම නියම වූ සිරකරුවන්ගේ එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කර පසුව ඔවුන් නිදහස් කර හැරීමට ද අවධානය යොමුව ඇත.

එමෙන්ම ඇප මුදල් ගෙවා ගත නොහැකිව සිටින්නන් හා සුළු වැරදිවලට බන්ධනාගාරගත කර සිටින්නන් 8000ක් පමණ මේ මස අවසන් වීමට පෙර නිදහස් කර යැවීමටද තීරණය කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

මරණීය දඬුවමට ලක් වූවන් දහසක් පමණ දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාරවල මේ වන විට රඳවා ඇත.

බන්ධනාගාරවල කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යාම හේතුවෙන් එතුල තදබදය අඩු කිරීමට මෙම පියවර ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *