NEWS

අටලුගම ආසාදිතයෙක් රෝගල්ගත වෙන්න බැහැ කියා සෞඛ්‍ය නිලධාරීන්ට කෙල ගසයි

අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණේ රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් මෙම ආසාදිතයා රෝහල් ගත කිරීමට ගිලන් රථය සමග පැමිණි ඇති අතර මෙම පුද්ගලයා දිගින් දිගටම එය ප්‍රතික්ශේප කරමින් බාධා කර ඇත.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් එතැනින් ඉවත්ව යෑමට සූදානම් වන විට මොහු නිලධාරීන්ගේ රථයේ දොර හැර කෙළ ගසා තිබේ.

මේ හේතුව නිසාවෙන් දැනට මහජන සෞඛ්‍ය පරීක්ශකවරු දෙදෙනෙක් හා රියදුරු මහතකු නිරෝධායනයට ලක්ව ඇති අතර ප්‍රදේශයේ නිරෝධායනය කටයුතු හා PCR කටයුතු අඩාල වෙමින් පවතී .

මෙම පුද්ගලයා හට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව වාර්ථා වේ.

අටලුගම ප්‍රදේශයන් මුල් වරට ආසාදිතයින් 4 දෙනකු වාර්ථා වී පසුව කරන ලද PCR හා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මගින් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වූ අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ හුදකලා කරන ලදී.

එතැන් පටන් ප්‍රදේශයේ PCR කටයුතු කිරීමට ප්‍රදේශයේ ජනතාවගෙන් සහයක් නොලැබීම , PCR පරීක්ශණ වලට සහභාගී නිවීම හා ආසාදිතයින් සැගවී සිටීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ශකවරු ඇතුලු සෞඛ්‍ය බලධාරීන් මහත් අපහසුතාවයට ලක්ව සිටි අතර අටලුගම ප්‍රදේශය ඉතාමත් අවධානම් කලාපයක් බවට පත්ව ඇත.

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් 01නිදා හඳුනාගත් ආසාදිතයින් 130 දෙනා අතුරින් 96 දෙනෙකුම හඳුනාගෙන තිබෙන්නේ දැනට හුදකලා තත්ත්වයේ පවතින අටුලුගම ප්‍රදේශයෙනි.

අටුලුගම ප්‍රදේශයේ 425 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට 01 නිදා යොමු කළ ඇති අතර ඉන් 96 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගත් ඇත.

එමෙන්ම තවත් 475 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.

මේ අනුව අටුලුගම ප්‍රදේශයේ කොවිඩ් පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 329කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *