SPORTS

තිසරගෙන් වාර්තා දෙකක්..! Jaffna Stallions කණ්ඩායමත් වාර්තාවක් සම කරයි

LPL තරඟාවලියේ යාපනය සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟය දැන් පැවැත්වෙනවා.

මෙහිදී පලමුව ක්‍රීඩා කල යාපනය කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 219 ක් ලබා ගත්තා.ඒ සමඟම මෙතෙක් තරඟාවලියේ කණ්ඩායමක් ලබා ගත් ඉහලම ලකුණු ලෙස colombo kings සහ kandy tuskers කණ්ඩායම් රැස් කර තිබූ ලකුනු 219 සම කිරීමටද ඔවුන්ට හැකි වූවා.

මෙහිදී නායක තිසර පෙරේරා එක් පන්දු වාරයකදී ලකුණු 30 ක් ලබා ගත් අතර එය මෙම තරඟාවලියේදී එක් පන්දු වාරයක ලබා ගත් ඉහළම ලකුනු සංඛ්‍යාවයි .

එමෙන්ම ඔහු නොදැවී ලකුණු 97 ක් ලබා ගනිමින් මෙතෙක් දේශීය ලීග් පිටියේදී වැඩිම ලකුණු ලාභියා ලෙස මහේල ජයවර්ධන විසින් තබා තිබූ වාර්තාවද බිඳ හෙලනු ලැබූවා.වයඹ uniteds කණ්ඩායම වෙනුවෙන් මහේල රැස් කර තිබූ ලකුණු ගණන 96 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *