GOSSIP

ජනප්‍රිය නිලි චතුරිකා පීරිස්ටත් කොව්ඩ් වැළඳේ..ගයාන් සහ දියණිය සුවයෙන්

ජනප්‍රිය රංගන ශිල්පිණී චතුරික පීරිස් ද කොවිඩ් රෝගයට ගොදුරු වී තිබෙනවා.

ඇය ඒ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කොට ඇති අතර ඇයගේ සැමියා වන ගයාන් වික්‍රමතිලකද සජීවි වීඩියෝවක් ෆේස්බුක් වෙත මුදාහැර ඒ බව තහවුරු කර සිටිනවා.

මේ වන විට ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇගේ සැමියාට හෝ කුඩා දියණියට කරදරයක් නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චතුරිකා සිය සටහන මඟින් පෙන්වා දෙන්නේ හැකිතරම් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරන ලෙසත් කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව තමා වෙනදා මෙන්ම යහපත්ව සිටින බවත් ය .

මවුරට වෙබ් අඩවිය චතුරිකා පීරිස්ට  සහ රෝගය වැළඳුණු සෙසු පුද්ගලයින්ටද  ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.

එක්තරා ෆේස්බුක් පිටුවක පල වූ සටහනක් සම්බන්ධයෙන් ද ඇය අදහස් පල කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *